අද 6 සහ 7 ශ්‍රේණිවල ගුරුවරුන්ට වයසට ගැලපෙන ලිංගික අධ්‍යාපන සන්නිවේදන අත්පොත එළිදැක්වීම සිදු වෙයි

Report

ලිංගික අධ්‍යාපන සන්නිවේදන මාර්ගෝපදේශ එළිදැක්වීමේ උත්සවය අද(15) දින පැවැත් වීමට නියමිතයි. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඒ අනුව මෙරට ජනතාවට ලිංගිකත්වය පිළිබද අධ්‍යාපනික කරුණු ලබාදීමේ දී අනුගමනය කළ යුතු ලිංගික අධ්‍යාපන සන්නිවේදන මාර්ගෝපදේශ එළිදැක්වීම අද සිදුකෙරෙන්නේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයි.

එසේම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සංවිධාන කරන මෙම උත්සවයේ දී මෙරට ජනතාව පාසල් පද්ධතිය සහ තාරුණ්‍ය ඉලක්ක කරගත් සුවිශේෂි ලිංගික සන්නිවේදන මාර්ගෝපදේශ සහ අධ්‍යයන වාර්තා කිහිපයක් නිල වශයෙන් එළිදැක්වීම සිදු කිරීමට නියමිතයි.

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කරන ලද නිවේදනයක් - දිනය පුරා වලංගුයි

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කරන ලද නිවේදනයක් - දිනය පුරා වලංගුයි

ඒ අතර වයසට ගැළපෙන ලිංගික අධ්‍යාපනය පිළිබද සන්නිවේදන මාර්ගෝපදේශය ශ්‍රී ලංකාවේ ඔසප් සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබද ජාතික අධ්‍යයන වාර්තාව 6 සහ 7 ශ්‍රේණිවල ගුරුවරුන් සඳහා වන වයසට ගැලපෙන ලිංගික අධ්‍යාපන සන්නිවේදන අත්පොත එළිදැක්වීම ද සිදු වන බව සඳහන්.

එමෙන්ම වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය සෞඛ්‍ය ප්‍රවර්ධන පරිසරයක් ලෙස සංවර්ධනය කිරීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ද සිදු වෙන බව වාර්තා වේ.

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට මිල මුදල් උතුරන වාසනාවන්ත දවසක්

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට මිල මුදල් උතුරන වාසනාවන්ත දවසක්

මේ අයට රජයෙන් අඩු පොළියට ණය - අලුත් බැංකු ක්‍රමයක් ආරම්භයි

මේ අයට රජයෙන් අඩු පොළියට ණය - අලුත් බැංකු ක්‍රමයක් ආරම්භයි