ලිංගික අඩත්තේට්ටන් වැඩි තැනක් ගැන මතුව ආ තැති ගත් භීෂණේ - CCTV දර්ශනත් වහා පරීක්ෂා කරන්න නියෝගයක්..
කාන්තාවන්ට London Underground හෙවත් ලන්ඩන් උමං දුම්රිය තුළ දී සිදුවන ලිංගික අපරාධ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ බව බ්‍රිතාන්‍යය මාධ්‍ය සඳහන් කළේ ය.
ඒ අනුව 2022 දෙසැම්බර් 1 සහ 2023 නොවැම්බර් 30 වනදා අතර ස්ත්‍රී දූෂණ නොවන ලිංගික අපරාධ සංඛ්‍යාව 909ක් ලෙස වාර්තා විය.
එය පසුගිය වසරේ වාර්තා වූ සිද්ධි 866ට සාපෙක්ෂව සැලකිය යුතු තරම් ඉහළ යාමකී.
Underground තුළ සිදු වී ඇති ප්‍රචණ්ඩකාරී අපරාධ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බව නිකුත් කර ඇති සංඛ්‍යාලේඛනවලට අනුව පෙනී යයි.
එම දත්ත වලට අනුව ගෙවුනු වසරේ දී එවැනි සිදුවීම් 3,542ක් වාර්තා වී ඇත.
එමෙන්ම, එහි මංකොල්ලකෑම් සංඛ්‍යාව ද වැඩි වී ඇති අතර ගෙවුනු වසරේ එවැනි සිදුවීම් 736ක් වාර්තා වී තිබෙනවා.
එය 2022 වසරේ දී සිදුවීම් 442ක් ලෙස වාර්තා වී ඇති බව සඳහන් වේ.
ලන්ඩන් නගරයේ ප්‍රවාහන සේවාවන් තුළ මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම නගරාධිපතිවරයාගේ වගකීමක් බව පාර්ශවයන් රැසක් පවසා තිබෙනවා.
කෙසේ වෙතත්, ලන්ඩන් ප්‍රවාහන ජාලය තුළ ඇති CCTV භාවිතා කරමින් ලන්ඩන් ප්‍රවාහන පොලිසිය සමඟ එක්ව හැකිතාක් ලිංගික හිරිහැර සහ අපරාධ හඹායාමට තමන් කටයුතු කරමින් සිටින බව එරට නගරාධිපති කාර්යාල සඳහන් කළේ ය.
Sponsored By Sarrita Jewellery
