දැඩි නියඟය සහ අධික උණුසුම් කාලගුණය හේතුවෙන් තවත් අනතුරක් - මුළු රටම අඳුරු වේ
By Mithu
මධ්‍යම සහ නැගෙනහිර යුරෝපය පුරා පවතින දැඩි නියඟය සහ අධික උණුසුම් කාලගුණය හේතුවෙන් මේ වන විට දරුණු බලශක්ති අර්බුදයක් මතුව තිබේ. මෙම හදිසි තත්ත්වයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ යුරෝපයේ ප්‍රධානතම ගංගාවක් වන ඩැනියුබ් නදියේ ජල මට්ටම සහ ජල ප්‍රවාහය ඓතිහාසික ලෙස පහළ යාමයි.
ජල මට්ටම පහත වැටීම නිසා රුමේනියාවේ සහ හංගේරියාවේ පිහිටි න්‍යෂ්ටික බලාගාරවල සිසිලන පද්ධති නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත.
මේ හේතුවෙන් හටගෙන ඇති බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස විදුලිය පිරිමැසීම සඳහා හංගේරියාවේ බුඩාපෙස්ට් අගනුවර පිහිටි සංචාරක ආකර්ෂණීය ස්ථාන රැසක ආලෝකකරණය අවම කිරීමටත්, වීදි පහන් නිවා දැමීමටත් එරට බලධාරීන් පියවර ගෙන තිබේ.