පාකිස්ථානයේ පාසල් කිහිපයක් වසා දමයි.

By Hashini Sep 29, 2023 11:36 AM GMT
Report

 පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ පැතිර යන ඇස් රෝගයක් හේතුවෙන් පාසල් 56,000 කට වැඩි ප්‍රමාණයක් වසා දමා තිබෙනවා.

ප්‍රාන්තයේ සිසුන් අතර පින්ක් අයි හෙවත් ඇසෙහි ඇතිවන තද රතු පැහැය සහිත ආසාදන තත්ත්වයක් පැතිර යන බවයි විදෙස් වාර්තා සඳහන් කරනවා.

එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත්තේ අපිරිසිදු දෑත්වලින් ඇස් ස්පර්ශ කිරීම හේතුවෙන් මෙම රෝගය පැතිර යන බවයි.

මෙම රෝගය කර්මාන්තශාලා සහ වෙළඳපොළ වැනි ජනාකීර්ණ ස්ථානවල දී සීග්‍රයෙන් ව්‍යාප්ත විය හැකි බව පැවසෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ පාසල් යළි විවෘත කිරීමෙන් පසු ගේට්ටු අසල දී ඔවුන්ගේ ඇස් පරික්ෂා කිරීමටද කටයුතු යොදා ඇති බවයි.

වසර ආරම්භයේ සිට මේ දක්වා පාකිස්ථානයෙන් තුන්ලක්ෂ 57,000කට අධික පිරිසකට මෙය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා.