පියුමිගේ පුතා ඇතුළු හත්දෙනාට දුන් දඩුවම මෙන්න
රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේ පුද්ගලයෙකුට පහර දුන්නේ යැයි කියන නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුලු සැකකරුවන් හත් දෙනා ලබන 20දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍යය මහතා (18) නියෝග කර ඇත.
බන්ධනාගාර නිලධාරීන් විසින් හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා සැකකරුවන් ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කර තිබුනද අගතියට පත් සාක්ෂිකරු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති හෙයින් හඳුනා ගැනීමේ පෙරට්ටුව කල් තබා සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
නිරූපණ ශිල්පිණීයකගේ පුත්‍රයාගේ හිතවතෙකු මීට මාස තුනකට ඉහතදී යතුරුපැදියක යමින් සිටියදී රාජගිරිය ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇත.
එම සිද්ධියෙන් පසු පැමිණි නිරූපණ ශිල්පිණීයකගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් පිරිස මෙම පුද්ගලායාට පහරදී ම සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය මගින් මෙම විමර්ශනය සිදු කරනු ලබයි.
මෙම සැකකරුවන් වෙනුවෙන් නීතිඥ අචිනි උමයංගනා සහ නීතිඥ ඉමාශි සේනාධිර මහත්මිහු පෙනී සිටියහ.
[