සෙවනගල උක් ගොවීන් ප්‍රශ්න ගොඩක.. ඇමති හදුන්නෙත්තිටත් හොඳවයින් අමතයි...

Report

සෙවනගල උක් ගොවීන් විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර ඇත්තේ සෙවනගල සීනි සමාගමේ මේ වන විට ගැටලු රාශියක් පැන නැගී ඇති බවයි.

මෙහිදී ඔවුන් පවසා සිටියේ මාස හයක කාලයක පටන් ගොවීන්ට පොහොර ලබා දී නොමැති බවයි.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

එසේම ඔවුන් කියා සිටින්නේ හඳුන්නෙත්ති අමාත්‍යවරයා එතනෝල් 800 ට දෙන බව පවසා ඇත්තේ එය 500ටවත් දීගත නොහැකිව සිටින විට බවයි.

තවද ගොවීන් චෝදනා කර සිටියේ ඔවුන්ගේ උක් ගස් වෙනුවෙන් අඳාළ ගෙවීම් ඉකුත් කාලයේ දී කෙටි කාලයකින් සිදු වුවත් මේ වන විට එම ගෙවීම් ප්‍රමාද කර ඇති බවටයි.

එසේම මාස 11ක් වැනි කාලයකින් අස්වැන්න නෙලිය යුතු වගාවන්වලට මේ වන විට මාස 15ක් වැනි කාලයක් ගතව ඇති බවයි.

මෙන්න දැන් ලැබුණු විශේෂ නිවේදනයක්...පාසල් රැසක් අද සිට දින ගණනාවක් යන තුරු වැසෙයි

මෙන්න දැන් ලැබුණු විශේෂ නිවේදනයක්...පාසල් රැසක් අද සිට දින ගණනාවක් යන තුරු වැසෙයි

ඒ අනුව වර්තමානයේ කර්මාන්ත ශාලාවේ දුවන්නේ එක් කොටසක් බවත් ඔවුන් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම මින් පෙරද මෙම අර්බුදය පිළිබඳව දැනුවත් කිරීමට ගොවීන් මාධය හමුවක් පවත්වා තිබෙනවා.

එසේ වුවත් අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් විසින් ගොවීන්ගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කර ඇති අතර ගොවීන්ට චෝදනා කර ඇත.

එබැවින් මෙම මාධ්‍ය හමුව කැඳවමින් සෙවනගල උක් ගොවීන් ඒ සදහා පිළිතුරු ලබාදුන් බව වාර්තා වේ.

වැඩි හොඳට ඔයත් කඩෙන් ගෙනාපු බිත්තර හෝදනවද?...හැබැයි හෝදපු බිත්තර කෑවොත් මොනවද වෙන්නේ කියලා දන්නවද...

වැඩි හොඳට ඔයත් කඩෙන් ගෙනාපු බිත්තර හෝදනවද?...හැබැයි හෝදපු බිත්තර කෑවොත් මොනවද වෙන්නේ කියලා දන්නවද...