දෙවියනේ යකඩ පොල්ලකින් පහර දී පෙදරේරුවා මරලා

Report

මහියංගන පොලිසිය මහියංගන අරාවත්ත 51 කණුව ප්‍රදේශයේදී පෙදරේරුවකු යකඩ පොල්ලකින් හිසට පහර දී ඝාතනය කර ඇති බව පවසයි.

ඝාතනයට ලක්ව ඇත්තේ රූපසිංහගේ නිලන්ත (48) නම් පෙදරේරුවකු වන අතර, ඔහු මහියංගන අරාවත්ත 50 කණුව ප්‍රදේශයේ පදිංචිව සිටින පුද්ගලයෙකි. 

පොලිසිය පවසනුවේ, ඝාතනයට පෙර නිලන්ත සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා මහියංගන පදියතලාව මාර්ගයේ අරාවත්ත 51 කණුවේ ඔහුගේ සහෝදරයාගේ කඩ කාමරයට ගොස් ඇති බවයි.

බන්ධනාගාර නිලධාරියකුගේ අත මන්නා පිහියකින් කපලා තිදෙනෙක් කරපු අපරාදේ.

බන්ධනාගාර නිලධාරියකුගේ අත මන්නා පිහියකින් කපලා තිදෙනෙක් කරපු අපරාදේ.

ඒ අතර, සහෝදරයා අසල මත්පැන් අලෙවිහලකට ගොස්, එහි සිටි තරුණයන් දෙදෙනකු සමඟ බහින්බස් වූ බවත් පොලිසිය සඳහන් කරයි.

පසුව, සහෝදරයා එම ස්ථානයෙන් පිටවී ගිය අතර, ආරවුලට සම්බන්ධ තරුණයන් දෙදෙනා කඩකැමරයට ගොස්, මත්පැන් පානය කරන අවස්ථාවේදී නිලන්තගේ බාල සොහොයුරාට යකඩ පොල්ලකින් හිසට පහරදී ඝාතනය කළ බව පොලිසිය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහියංගන 51 කණුව ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් අයෙකුද අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කර ඇත.

මේ ප්‍රදේශවලට පනවා තිබූ නායයෑම් රතු නිවේදන ඉවත් කරයි

මේ ප්‍රදේශවලට පනවා තිබූ නායයෑම් රතු නිවේදන ඉවත් කරයි