පොලිස් නිවස්නයේ නිදා සිටි සැරයන්වරයෙක් මරුට
අනුරාධපුර පොලිස් නිවස්නය තුළදී පොලිස් සැරයන්වරයෙක් නිදා සිටියදීම අද (27) උදෑසන මියගොස් තිබේ.
අනුරාධපුර මූලස්ථාන පොලීසියේ පොලිස් භෝජනාගාරයේ පාලකවරයා ලෙස කටයුතු කළ 57 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකු මෙලෙස මියගොස් ඇත.
මියගිය සැරයන්වරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිත අතර මෘතශරීරය අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබේ.