සමාගම් පසෙකලා දමා ජනතාව වෙනුවෙන් පෙරට ආ සෙන්තිල් තොණ්ඩමන්. - (PHOTOS)

Manusha Nanayakkara Government Of Sri Lanka Senthil Thondaman
By Wayomi Mar 28, 2024 06:41 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන ලෙස බලකරමින් සිටින පසුබිමක වතු සමාගම් කම්කරු අමාත්‍යාංශය හරහා බදාදා ඉදිරිපත් කළ යෝජනාව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සහ එම සංගමයේ සභාපති සෙන්තිල් තොණ්ඩමන් මහතා තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒකාබද්ධ ගිවිසුමේ කොටස්කරුවන් වන අනෙකුත් හවුල්කරුවන් ද එම ස්ථාවරය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කර්මාන්ත අමාත්‍යාංශයේ පැවති මෙම සාකච්ඡාවේදී ප්‍රදේශිය වැවිලි සංස්ථාව විසින් යෝජනා කරන ලද නව යෝජනා ක්‍රමය කම්කරුවන්ට වඩා වැවිලි සංස්ථාව වෙත ප්‍රතිලාභ ලබා දෙන දිරිගැන්වීමේ යෝජනා ක්‍රමයක් පමණක් වනු ඇති බවයි ඔහු එහිදී පවසා ඇත්තේ.

සෙන්තිල් තොණ්ඩමන් එහිදී පෙන්වා දුන්නේ, අපි කම්කරුවන්ට දිරි දීමනා නොඉල්ලූ බවත්, නමුත් වැටුප් වැඩි කරන්න ලෙසත් ඉල්ලා සිටි බවයි.

ඒ, අනුව වැටුප් නියම කිරීමේ කවුන්සිලය හරහා සාධාරණ වැටුප් වැඩිවීමක් අපේක්ෂා කරන බවද සෙන්තිල් තොණ්ඩමන් අමාත්‍ය මනූෂ නානායක්කාරට පවසා තිබුනේ.

එමෙන්ම සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සඳහා අඛණ්ඩව ගන්නා උත්සාහය පිළිබඳව ද අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් සෙන්තිල් තොණ්ඩමන්ට සිය ප්‍රසාදය පළ කළ අතර වතු කම්කරුවන්ට රුපියල් 1700ක වැටුප් වැඩිවීමක් ලබාදීමට රජය ගෙන ඇති තීරණයට අනුව දිගින් දිගටම සාකච්ඡා පැවැත්වෙන බව ද ප්‍රකාශ කළා.     


GalleryGalleryGalleryGalleryGallery