නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්ගේ වාහන 22 කේ ඇත්ත නැත්ත මෙන්න..

Tamils Parliament of Sri Lanka Sri Lanka Politician Senthil Thondaman Eastern Province
By Aruna Aug 18, 2023 05:17 AM GMT
Aruna

Aruna

Report

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා සුඛෝපභෝගී වාහන රැසක් තම භාරයට ගෙන ඇති බවට මාධ්‍ය ආයතනයක් විසින් ඊයේ(17) වාර්තා කර තිබුණා.

අදාළ පුවත සම්බන්ධයෙන්, ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ ලේකම් මදනායක මහතා ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

එනම් එතුමා සඳහන් කර ඇත්තේ මෙම පලවන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවයි.

එනම් මේ වන විට භාවිතා කරන නිල වාහන මීට පෙර භාවිතා කළ ආණ්ඩුකාරවරියගේ බවත් එතුමිය ටත් මීට පෙර සිටි ආණ්ඩුකාරවරයාගෙන් මෙම වාහන ලැබුණු බවත් එතුමා සඳහන් කරනවා.

එනම් මෙලෙස කිසිදු තහවුරු කිරීමකින් තොර අසත්‍ය පුවත් පල නොකරන ලෙස එතුමා ඉල්ලා සිටිනවා.

මීට අදාලව නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය පුවතත් පහතින් දැක්වේ.

GalleryGalleryGallery
ReeCha