ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව.
By krishani
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) තීන්දු කළේ ය.
ඒ ස්ථාන මාරුවක් ලබා දීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඒ මහතා ඉදිරිපත් කළ මුලීක අයිතිවාසිකම් පෙත්සමයි.
ඒ එස්. තුරෛයිරාජා, ඒ. එච්.එම්. ඩී නවාස් සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ඊට අදාළ පෙත්සම කැදවූ අවස්ථාවේ දී ය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම පෙත්සම ගොනු කර තිබුණේ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ තමන්ව නැගෙනහිර පළාතට මාරු කර හැරීමට පොලිස් කොමිසම ගත් තීරණයට එරෙහිවයි.