37 වැනි පොලිස්පති ධූරයට ජ්‍යෙෂ්ඨයන් අතර සීතල යුද්ධයක්!

By Dilasha Mar 28, 2025 08:20 AM GMT
Report

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක් ඉදිරිපත් වීමත් සමඟ ශ්‍රී ලංකාවේ 37 වැනි පොලිස්පතිවරයා බවට පත්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙකු අතර සීතල සටනක් ආරම්භ වී ඇති බව වාර්තා වේ.

මේ වන විට වැඩ බලන පොලිස්පති ලෙස කටයුතු කරන ප‍්‍රියන්ත වීරසූරිය මහතා විශ්‍රාම යාමට ඉතා කෙටි කාලයක් පවතින බවද සඳහන් වේ.

ලලිත් පතිනායක, සංජීවමැදවත්ත, රන්මල් කොඩිතුවක්කු, සංජීව ධර්මරත්න, කිත්සිරි ජයලත්, එම්.ජී.ආර්.එස්. චමින්ද යන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද මෙම පොලිස්පති ධුරය සඳහා ඉදිරියෙන්ම සිටින බවද වාර්තා වේ.