මන්නාරම් මුහුදේදී අත්අඩංගුවට ගත් ඩිංගි යාත්‍රාවේ සඟවා රැගෙන ආ භාණ්ඩ පිළිබඳව හෙළි වේ
මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් පුද්ගලයින් දෙදෙනෙකු සමග ඩිංගි බෝට්ටුවක් අත්අඩංගුවට ගැනීම සිදුවිය.
ඒ අනුව එම් බෝට්ටුවෙන් මත්ද්‍රව්‍ය 'හෂීස්' කිලෝග්‍රෑම් 50 කට වැඩි ප්‍රමාණයක් සොයා ගන්නා ලද බව නාවික හමුදාව නිවේදනය කරයි.
ඒ අනුව මන්නාරම දකුණු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය සහිත බවට සැකකෙරෙන උර දෙකක් ප්‍රවාහනය කරමින් තිබූ මෙම ඩිංගි යාත්‍රාව සමග සැකකරුවන් දෙදෙනෙකු අද (14) පෙරවරුවේ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළේය.
නාවික හමුදා භාරයට ගත් එම ඩිංගි යාත්‍රාව, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර දෙක සහ සැකකරුවන් දෙදෙනා මන්නාරම තාල්පාඩු ජැටිය වෙත රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදුකල විශේෂඥ පරීක්ෂාවේදී එම ඩිංගි යාත්‍රාවේ තිබු උර දෙකෙහි හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50 කට අධික තොගයක් ඇති බවට සොයාගත් බවයි නාවික හමුදාව නිවේදනය කරයි.