බිහිසුණු අනතුරක් - ග්‍රෙගරි වැවට ප්ලේන් එකක් කඩන් වැටිලා [PHOTOS]
By Ashfa
නුවරඑළිය, ග්‍රෙගරිවැවේ ගොඩබැස්වීමට සුදානම් වූ සී ප්ලේන් එකක් අද (07) දින දහවල් 12.30ට පමණ කඩා වැටී ඇත.
වාර්තා වන ආකාරයට ගුවන් යානය කඩා වැටීමෙන් එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇත.
වැඩිදුරටත් තොරතුරු වාර්තා වන ආකාරයට ගුවන් යානයේ නුවරඑළියට පැමිණ සිටින සංචාරකයින් පිරිසක් රැගෙන යෑමට පැමිණි අවස්ථාවේ දී මෙලෙසෙ අනතුරට ලක්ව ඇත.
ගුවන් යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා ජලාශයේ බෝට්ටු සංචාරයේ යෙදෙන පිරිස් විසින් මුදාගෙන තිබුණි.


