හදිසියේම වෙරළට ගොඩගැසූ මුහුදු සිංහයින්..

By Sewvandhi Dec 04, 2022 04:29 PM GMT
Report

රුසියාවේ කැස්පියන් වෙරළ තීරයට මුහුදු සිංහයින් 700කගේ පමණ සිරුරු ගොඩ ගසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කැස්පියන් මුහුදේ හමුවන එකම ක්ෂිරපායි සතුන් ලෙස සැලකෙන කැස්පියන් මුහුදු සිංහයින් 2008 වසරේ සිට වඳ වීමේ තර්ජනයට ලක් වන සත්ත්වයෙකු ලෙස රතු ලැයිස්තුවට එක්කර ඇති බවද සඳහන්.

රුසියානු පරිසරවේදීන් සඳහන් කරන්නේ මෙම මරණවලට හේතුව නිෂ්ශිතව තහවුරු කරගෙන නොමැති බවයි. එමෙන්ම මෙම ක්ෂිරපායී සත්ත්වයින් මියයාමට තුඩුදුන් හේතුව සොයා ගැනීම සඳහා අංශ කිහිපයක් ඔස්සේ පර්යේෂණ ආරම්භ කර ඇති බවයි පර්යේෂකයින් පවසන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now