දියනාමට ගිය තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී මරුට, තවත් අයෙක් අතුරුදන්
පේසාලේ මුහුදු තීරයේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනෙකු ඊයේ (15) දින දියේ ගිලී මියගොස් තිබේ.
ඒ අනුව තරුණයින් සිව්දෙනෙකු දියේ ගිලී තිබෙන අතර එම ස්ථානයේ සිටි පිරිසක් විසින් තිදෙනෙකු දියෙන් ගොඩ ගෙන මන්නාරම රෝහලට අතුළත් කිරීමෙන් පසුව දෙදෙනෙකු මියගොස් ඇත.
ඒ වගේම පොලිසිය සඳහන් කළේ තවත් අයෙකු අතුරුදන් වී ඇති බවයි .
මෙලෙස මියගිය තරුණයින දෙදෙනා වයස අවුරුදු 16 හා 17 ක් වූ පේසාලේ ප්‍රදේශෙයේ පදිංචිකරුවන් වේ.
තවද පොලීසිය තවදුරටත් සදහන් කළේ දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 16ක් වූ පේසාලේ ප්‍රදේශයේ තරුණයෙකු බවයි .
නාවික හමුදාවේ සහය ඇතිව අතුරුදහන් වූ තරුණයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.
පේසාලේ පොලිසිය විසින් සිදුවීම පිළිබද වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.