පාසල් වසා තැබීමක් පිළිබද දැනුම් දීමක්...
මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් අනිද්දා (27) සබරගමුව සහ ඌව පළාත්වල දෙමළ පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
එම අමාත්‍යංශයේ ලේකම් බී.ඒ.සී.පී. බමුණුආරච්චිගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත් කරමිනුයි මේ සම්බන්ධයෙන් දැනුවත් කර තිබෙන්නේ.
එමෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල මීට පෙර නිවාඩු ලබාදීමට තීරණය කළ අතර, ඒ වෙනුවෙන් මාර්තු 01 වෙනිදා පාසල් පැවැත්වෙනවා.
හෙටට (26) මහා ශිව රාත්‍රී දිනය යෙදී තිබීම හේතුවෙන් පාසල් දරුවන්ට ඊට පසු දින පාසල් පැමිණීම අසීරුවන බවටයි දන්වා ඇත්තේ.