පාසල් වසා තැබීමක් පිළිබද දැනුම් දීමක්...
මහා ශිවරාත්‍රිය හේතුවෙන් එළැඹෙන බ්‍රහස්පතින්දා (27වනදා) දිනයේදී උතුරු පළාතේ සියලුම පාසල් වසා තැබෙන බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.
උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වේදනායගන් මහතා දැනුම්දී ඇත්තේ, එදින වෙනුවට මාර්තු මස 1වන සෙනසුරාදා පාසල් පවත්වන බවයි.
ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන හින්දු බැතිමතුන්ගේ ධාර්මික මංගල්‍යය වන මහා ශිවරාත්‍රිය එළැඹෙන පෙබරවාරි 26වනදාට යෙදී තිබේ.
You may like this video