පාසල, විශ්ව විද්‍යාලය, රාජකාරි ස්ථානයේ මානසික පීඩනයක් ද? රජයේ අලුත් තීරණයක්

Report

විශ්ව විද්‍යාල තුළ මානසිකව පීඩාවට පත්වන සිසුන් ඉන් මුදා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ලක්ෂ 20 ට වාහනයක්....නොහිතු විදිහට මිල පහලට... වාසියක්

ලක්ෂ 20 ට වාහනයක්....නොහිතු විදිහට මිල පහලට... වාසියක්

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ මනෝ විද්‍යාව පිළිබද විශේෂඥ වෛද්‍යවරුන් සම්බන්ධ කරගනිමින් එම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි .

පසුගිය මාස කිහිපයේදී විශ්ව විද්‍යාල සිසුන් සිය දිවි නසා ගැනීම් සහ අනෙකුත් ගැටලුකාරී තත්ත්වයන් පදනම් කරගනිමින් අධ්‍යාපන අමාත්‍යංශය මෙම තීරණය ගෙන තිබේ.

ඇමරිකා බදු සාකච්චා ගොඩදාන්න මහින්ද ගිහින්..

ඇමරිකා බදු සාකච්චා ගොඩදාන්න මහින්ද ගිහින්..

පාසල සහ විශ්ව විද්‍යාලය තුල පමණක් නොවෙයි රාජකාරි ස්ථානය තුලද ඔබව මානසික පීඩනයකට යම්කිසි පුද්ගලයෙකු පත් කරන බවටද ඔබට හැඟී යන්නේ නම් ඒ පිළිබඳව වහාම අදාළ බලධාරීන් දැනුම්වත් කර ඔවුන්ට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බව රජය පවසයි.