විදෙස් ශ්‍රමිකයන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිවේදනයක්..ඉක්මනට මේ අයදුම්පත භාර දෙන්න..

Report

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා වල නිරතව සිටින හා යළි දිවයිනට පැමිණි ශ්‍රමිකයින්ගේ දූ දරුවන් සදහා පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව විශේෂ සේවා නියුක්ති කාර්යංශයය කියයි.

දවුලගල සිද්ධිය නිසා පොලීසියේ වෙනසක් ...

දවුලගල සිද්ධිය නිසා පොලීසියේ වෙනසක් ...

එක් ශිෂ්‍යයෙකුට එක්වරක් පමණක් රුපියල් 10,000ක් පමණ වටිනා පාසල් උපකරණ ලබාගැනීමට හැකි වවුචර්පතක් අදාල ශ්‍රමිකයා පදිංචි ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශාඛා කාර්යාලය මගින් නිකුත් කරනු ලබන බව කාර්යාංශය කියයි.

මේ සදහා අයැදුම්පත් හා විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදේශ රැකියා සංවර්ධන නිලධාරී වෙතින් ලබා ගැනිමට පහසුකම් සලසා ඇත.

අනේ අම්මපා මෙහෙමත් වෛද්‍යවරු...ලෙඩ ගැන මෙහෙමත් බොරු කියනවද ඇත්තට...

අනේ අම්මපා මෙහෙමත් වෛද්‍යවරු...ලෙඩ ගැන මෙහෙමත් බොරු කියනවද ඇත්තට...

මෙම පාසල් උපකරණ ලබා දීම ක්‍රම 02ක් ඔස්සේ සිදු කරනු ලබන අතර දැනට විදේශගතව සිටින දෙමාපියන්ගේ රජයේ පාසල් වල 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණියේ දක්වා ඉගෙනුම ලබන දරුවන් සදහා මෙන්ම විදෙස්ගතව සිට නැවත දිවයිනට පැමිණ වසර 5ක් නොඉක්මවූ දෙමාපියන්ගේ දරුවන් සදහාද පාසල් උපකරණ ලබාගැනීම සදහා රු.10,000ක් වටිනා වවුචර්පත් ලබා දිම සිදු කරන බවද කාර්යංශය කියයි.  

විදෙස් ශ්‍රමිකයන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිවේදනයක්..ඉක්මනට මේ අයදුම්පත භාර දෙන්න.. | School Supplies For Children Of Foreign Workers

You may like this video

Gallery