පාසලක මෙවන් දෙයක් සිදුවනතුරු පොලිසිය හා දෙමාපියන් මුනිවත රකින්නේ ඇයි..

Sri Lanka Police Sri Lanka School Incident School Children
By Piyumika Sep 03, 2024 01:56 AM GMT
Piyumika

Piyumika

Report

මේ වන විට බොහෝ ප්‍රදේශ වල පාසල් ලමුන් මත්පැන් භාවිතා කිරීමට ඇබ්බැහි වී ඇති බව නොරහසකි.පාසල් තුළ මත්පැන් හා මත්ද්‍රව්‍ය ව්‍යාප්තියේ බරපතළකම පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමුකරවන තවත් සිදුවීමක් වාර්තා වී තිබේ .

ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් පාසලක දර්ශන කිහිපයකි.

එම පාසලේ දරුවන් පාසල තුළට විවිධ වර්ගයේ නිති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය රැගෙනවිත් මෙලෙස විවිධ ස්ථානතුළ සඟවා තබන්නේ සෙසු සිසුන්ටද ලබාදීමේ අරමුණිනි.

ඉන්දීයාව සලිත කරමින් වෘක බියක්..(VIDEO)

ඉන්දීයාව සලිත කරමින් වෘක බියක්..(VIDEO)

මෙම සිදුවීම සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිනිය, විනය භාර ගුරුවරයා සහ සෙසු ගුරුවරුන් සිසුන්ට අවවාද කර තිබූ නමුත් සිදුව ඇත්තේ ගුරුවරුන් දරුවන් ශාරීරික සහ මානසික වශයෙන් හිංසනයට ලක්කළ බව පවසමින් ඔවුන්ගේ මව්පියන් පොලීසියට පැමිණිලි කර දරුවන් රෝහල්ගත කිරීමයි.

දරුවන් පාසල තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒම සහ ඒවා පාසල තුළදී භාවිත කළ බවට සියලු සාක්ෂි සහිතව විදුහල්පතිනිය ඇතුළු ගුරුවරුදන් පොලීසියට පැමිණිලි සිදුකළත් ඒ සම්බන්ධයෙන් පොලීසිය සිදුකර ඇත්තේ මුනිවත රැකීම පමණි.

දරුවන්ට දඬුවම් කළ බවට පාසලේ විදුහල්පතිනිය ඇතුළු ගුරුවරුන් කිහිපදෙනෙකු අධිකරණය හමුවට පමුණුවීමටද පොලීසිය පියවර ගෙන තිබුණි. මෙම සිදුවීමට විරෝධය පළකරමින් පාසලේ ගුරු මණ්ඩලය පසුගියදා පාසල ඉදිරිපිටදී විරෝධතාවක්ද පැවැත්වුවේ දරුවන් යහමඟට ගැනීමට දරන උත්සාහයේදී තමන්ට විඳින්නට සිදුවන අපහසුතා පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කරවමිනි.

ජර්මනියේ දේශපාලන ඉතිහාස පොතට නව පිටුවක් ..

ජර්මනියේ දේශපාලන ඉතිහාස පොතට නව පිටුවක් ..

මෙලෙස පාසල් සිසුන් කිසිදු චකිතයකින් තොරව පාසල තුළදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම පසුගියදා තණමල්විල ප්‍රෙද්ශයේ පාසලක සිදුවූ ඛේදවාචකය බදු සිදුවීම් තවදුරටත් සිදුවීමට බලපාන කරුණක් නොවේද? පොලීසිය අධ්‍යාපන බලධාරීන් සමඟ එක්ව මත්ද්‍රව්‍ය මර්දනය සඳහා දැවැන්ත මෙයෙුමක් ක්‍රියාවට නැංවීම සිදුනොකළහොත් මෙරට පාසල් පද්ධතිය ඉදිරියේදී තවතවත් බරපතළ ව්‍යාසනයකට මුහුණපානු නොඅනුමානය.