චීනය ලාංකීය අධ්‍යාපනයේ නව මුහුණුවරක් කරන්න යයි..
චීන රජය හා ඒකාබද්ධව මෙයට අධ්‍යාපනයෙන් නව පෙරළියක් ඇති කිරීමට අධ්‍යාපන අමාත්‍යංශවරයා විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
ඒ ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්‍රමය ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමේ යෝජනාවට චීන රජය විසින් ආධාර ලබාදීමට එකඟතාවය පළ කිරීමත් සමඟය.
මෙම යෝජිත ව්‍යාපෘතිය මගින් පාසල් පන්ති කාමර නවීන තාක්ෂණය යටතේ සංවර්ධනය කිරීමට නියමිත අතර සම්ප්‍රේෂණ හා ප්‍රතිග්‍රාහක සුහුරු පුවරු සහිත පන්ති කාමරද එම කටයුතු මෙහෙයවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ජාල මෙහෙයුම් ඒකකයක්ද, සම්ප්‍රේෂණ කාමරයක් සහ චිත්‍රාගාරයක්ද ලබා දීමට නියමිතය.
මෙම ව්‍යාපෘතියට අදාළව ශක්‍යතා අධ්‍යයනයක් ද සිදුකර ඇති අතර ඒ මත පදනම්ව ඉදිරිපත් කල අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.
ඒ අනුව ඉදිරියේදී මිශ්‍ර ඉගෙනුම් ක්‍රියාවලිය විධිමත්ව සිදුකිරීමත් සම්පත් බෙදා හදා ගනිමින් ගුරුසිසු කුසලතාවර්ධනය කර ගනිමින් ගුරුවරුන් හිඟ අවස්ථාවන්හි ප්‍රතිසංස්කරණ පහසුකම් ද සලසමින් කාර්යක්ෂම හා ඵලදායීවකාර්යයන් ඉටු කර ගැනීමට හැකි වෙතැයි බලාපොරොත්තු වේ.
