රජයෙන් නිවාඩු ලැබුණ පාසල් - ඒ වෙනුවට යළිත් අමතර දවසක පාසල් පැවැත් වෙයි.. සම්පූර්ණ විස්තරය මෙතනින්.

Diwali Sri Lanka Sri Lankan Schools
By krishani Nov 13, 2023 01:59 AM GMT
krishani

krishani

Report

අද (13) දිනයේ දිවයිනේ සියලුම දමිළ පාසල් සඳහා නිවාඩු ලබා දී තිබෙනවා. 

ඒ දීපවාලී උත්සවය නිමිත්තෙන් ය.

මෙම නිවාඩු ලබා දීමට තීරණය කර ඇත්තේ දීපවාලි උත්සව දිනය ඊයේ (12) ඉරිදා දිනයට යෙදී තීබිම හේතුවෙන් පාර්ශව කිහිපයකින් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ය.

ඒ බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, ඒ වෙනුවට නොවැම්බර් මස 18 වන සෙනසුරාදා දින අදාළ පාසල් පැවැත්විය යුතු වන අතර සෙසු පාසල්වල අධ්‍යයන ක්‍රියාවලීන් සඳහා මෙම තීරණය අදාළ නොවන බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ ය.

ReeCha