මෙරට පාසල් සම්බන්ධයෙන් එකවරම තීරණයක්?.

By krishani Oct 30, 2023 02:56 AM GMT
Report

මෙතෙක් මෙරට පාසල් සංවර්ධන සමිතිවලින් අයකරනු ලැබූ පහසුකම් ගාස්තුව වැඩි කිරීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.

එයට රාජ්‍ය, පළාත් රාජ්‍ය හා රජයේ වෘත්තීය සමිති සම්මේලනය චෝදනා කර සිටිනවා.

එලෙස පහසුකම් ගාස්තු වැඩි කිරිමට තීරණය කර ඇත්තේ විදුලි බිල ඉහළ යාමෙන් බව ඔවුන් පවසයි.

ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සම්මේලනයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මේ බව සඳහන් කළේ ය.