අද පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්..විශේෂයෙන් මේ ප්‍රදේශ වලට පමණයි..
කැලණිය සහ ගම්පහ අධ්‍යාපන කලාපවල මෙන්ම කඩුවෙල කොට්ඨාසයේ සියලුම පාසල් අද (4) දිනයේ වසා තැබීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබේ.
ඒ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බවයි පැවසෙන්නේ.
මේ අතර, දිවයින පුරා පිහිටි සියලුම පාසල්වලට ඊයේ දිනයේ (3) නිවාඩු ලබා දෙනු ලැබුවේ රට තුළ තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය නිසාවෙන් බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
මේ අතර අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ රත්නපුරය, කැගල්ල, ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවල සියලුම පාසල් අද දිනයේ වසා තැබෙන බවයි.
කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කලාපයට අයත් පාසල් සඳහා ද අද දිනයේ නිවාඩු ලබාදී තිබේ.