කැන්ටිමේ ඇන්ටිට ප්‍රසිද්ධ ඉස්කෝලේ ප්‍රින්සිපල් කරපු අමුතුම වැඩේ - විදුලි පහනුත් නිවා දමන්න කියලා..

Report

දොඹගහවෙල පොලිසියට, මොණරාගල විද්‍යාලයක විදුහල්පතිවරයා විසින් පාසලේ ආපණශාලාව පවත්වාගෙන යන එහි හිමිකාර කාන්තාවට ලිංගික අතවර සිදු කළ බවට ඇය විසින් පැමිණිල්ලක් කර තිබෙනවා.

ඉකුත්දා (28) වනදා,ගලබැද්ද ඇලපොත පදිංචි 33 හැවිරිදි මේ කාන්තාව ආපණශාලාව වසා නිවෙසට ගොස් ඇති අතර පසුව පාසලේ ගුරුවරයකු පැමිණ ආපණශාලාවේ විදුලි පහන් නිවාදමා නැති බව පවසා තිබෙනවා.

පැමිණිල්ලෙහි දැක්වෙන්නේ, ඇය විදුලි පහන් නිවාදැමීම සඳහා ප.ව 3.40ට පමණ පාසලට ගොස් ඇති අතර විදුලි පහන් නිවා දමා දොරගුළු වසා නිවෙසට යෑමට සූදානම් වූ අවස්ථාවේ විදුහල්පතිවරයා ඇයට කාර්යාලයට එන ලෙස දන්වා එසේ පැමිණි පසු ලිංගික අතවර කර තිබෙන බවටයි.

විදුහල්පතිවරයා 53 වැනි වියෙහි පසු වන අයෙක්. සිද්ධිය පිළිබඳව දොඹගහවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.