ඊයේ සිට අඩු මිලට පාසල් පොත් - ලබා ගත හැකි තැන් මෙන්න..
By Sewvandhi
ඊයේ (02) සිට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පාසල් දරුවන් සඳහා 30% වට්ටමක් මත පාසල් අභ්‍යාස පොත් ලබාදීමට කටයුතු කර තිබේ.
ප්‍රධාන කර්යාලය සහ එම සංස්ථාවේ අළෙවිකුටි හරහා ලබා පොත් ලබා ගත හැකි බවයි, මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති නිමල් ධර්මරත්න මහතා පැවසුවේ.
"සියලුම විදුහල්වල විදුහල්පතිවරුන්ට, විදුහල්පතිවරුන්ගේ ලිපියක් රැගෙන එන නියෝජිතයින්ට අපි මේ පොත් නිකුත් කරනවා. ඒ නිකුත් කිරීමේදී 30%ක වට්ටමක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන කර්යාලය සහ එම සංස්ථාවේ අළෙවිකුටි හරහා ලබා දීමට කටයුතු කරලා තියෙනවා."