2022 නව පාසල් වාරය ආරම්භ කිරීම ගැන අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්..!

By Sewvandhi Dec 20, 2021 04:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

2022 වසරේ අප්‍රේල් මාසයේ සිට නිල වශයෙන් පළමු ශ්‍රේණියේ ඉගෙනුම් කටයුතු ආරම්භකෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

එමෙන්ම පාසල් ආරම්භය සහ විභාග පැවැත්වීම සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මහනුවරදී ඊයේ (19) කරුණු පැහැදිලි කළේය.

"ලබන 23 වනදා පාසල් වාරය අවසන් වෙනවා. 03 වනදාට විවෘත වෙනවා. පාසල් අවුරුද්ද අවසන් වෙන්නේ අප්‍රේල් මාසයේ මොකද අපිට මඟ හැරුණ දෙවල් පාසල්වල ආවරණය කිරීමට පුළුවන්කම ඇති වෙනවා.

5 ශිෂ්‍යත්වය ජනවාරි මාසයේ තුන්වෙනි සතියේ හමාර වෙනවා. උසස් පෙළ විභාගය පෙබරවාරි මාසයේ පටන්ගෙන හමාරවෙනවා.

නියමිත අපොස සාමාන්‍ය පෙළ මැයි මාසයේ ආරම්භ කරලා හමාර කර ගැනීමට ජුනි මාසයේ මැද වන විට පුළුවන්කම දැන් විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරලා සැලසුම්කරලා වැඩ කරගෙන යනවා." 

 ප්‍රශ්නය - පළමු ශ්‍රේණියට සිසුන් බඳවාගැනීම නිස පරිදි ආරම්භ වෙනවාද ?

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා - "අප්‍රේල් මාසයේ සිට තමයි නිල වශයෙන් පළමු ශ්‍රේණිය පටන් ගන්නේ. දැනට සම්ප්‍රදායික ලෙස ඒ චක්‍ර ලේඛන අනුව ඉල්ලුම්කරුවන් ඉදිරිපත් කරනවා. දෙමාපියන්ට මේ අවස්ථාව ගමන් කරනවා."

ප්‍රශ්නය - ඒ කින්නේ පළමු ශ්‍රේණියත් අප්‍රේල් මාසයේද ආරම්භ වෙන්නේ ?

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා - "මඟ හැරුණු පැය ගණනාවක් පංති කාමරය තුළ ඉවර කරන්න තිබෙන නිසා තමයි ඉදිරි මාස තුන ඒ සඳහා වෙන්කරලා තියෙන්නේ. රජයේ පාසල් සියල්ලම ඒ සැලැස්මට වැඩකරනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now