ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි..! ප්‍රතිඵල මෙතනින් බලන්න..
2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. ඒ අනුව ඔබට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://www.doenets.lk/ වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකියි.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (12) රාත්‍රිය වනවිට නිකුත් කරන ලෙස නියෝග කිරීමට බලාපොරොත්තු වන බවයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගාල්ල - පිටිගල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියේ.
පසුගිය ජනවාරි 22 වැනිදා පැවති 2021 - පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 340,508 දෙනෙකු විභාග මධ්‍යස්ථාන 2,943කදී පෙනී සිටියා.
එමෙන්ම මෙවර කිසිදු අයුරකින් ශිෂ්‍යත්ව විභාගයේ දිස්ත්‍රික් හෝ දිවයිනෙන් තරාතිරම නොබලන බව ද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ප්‍රතිඵල නිකුත් කිරීමේ දී අපේක්ෂකයා ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව දිස්ත්‍රික්කය හා මාධ්‍යය අනුව අදාළ කඩයිම් ලකුණු සමග සඳහන් කෙරෙනු ඇති.
එමෙන්ම අදාළ ප්‍රතිඵල සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා ක්ෂණික දූරකථන ඇමතුම් අංකයක් ලෙස 1911 හඳුන්වා දී තිබෙනවා.
තව ද, පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ දූරකථන අංක ලෙස 011-2784208 / 0112784537 / 011-2786616 සහ 011-3140314 යන අංක ද ලබා දී ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |