ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..හෙටට පෙර මේ දේ කරන්න.
05 ශේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ පසුගිය දා පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට කලින් පිටවූ බවට තහවරු වී ඇති ප්‍රශ්න 03ට අමතරව තවත් ප්‍රශ්න පිට වී ඇත්නම් ඊට අදාළ ප්‍රමාණවත් සාක්ෂි සමග පැමිණිලි කිරීමේ හැකියාව පැවතීම සම්බන්ධවයි.
ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, කොට්ඨාස භාර නිලධාරී කාර්යාල වෙත ගොස් හෙට (07) දිනයට පෙර ඊට අදාළ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි.