අයහපත් කාලගුණය හේතුවෙන් පාසල් කිහිපයක් වසා දැමේ..

By Sewvandhi Dec 08, 2022 09:39 AM GMT
Report

ඌව පළාතේ පාසල් අද (8)දිනයේ වසා දැමීමට ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම්.රත්නායක කටයුතු කර තිබෙනවා.ඒ අයහපත් කාලගුණය හේතුවෙනුයි. මෙලෙස අද දිනයේ පාසල් 26ක් වසා දැමීමට පියවර ගත්තා.

එම පළාතට ඊයේ ඇති වූ සුළං සහ වැසි තත්ත්වය හේතුවෙන් නිවාස සහ ප්‍රදේශයේ මාර්ග වලට ගස් කඩා වැටී තිබෙනවා.

ඒ අනුව පස්සර අධ්‍යාපන කලාපයේ සිංහල සහ දෙමළ පාසල් 20 ක් බිබිල කලාපයේ පාසල් 3 ක් සහ මොනරාගල කලාපයේ පාසල් 3 ක් මෙලෙස වසා දැමුණා.

මීට අමතරව පස්සර - කනවරැල්ල මංසන්දියේ සිට නමුණුකුල ක්ලබ් හන්දිය දක්වා කොටස සම්පූර්ණයෙන්ම වසා දැමුණේ මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now