මුහුණු පොත ඔස්සේ ඉතාලියේ සංගීත කණ්ඩායමක රැකියාවක් දෙන බව කියා ලක්ෂ 37කට විදලා

Report

හලාවත කොට්ඨාස වංචා විමර්ශන අංශය විසින් මුහුණු පොතේ දැන්වීමක් ඔස්සේ ඉතාලියේ සංගීත කණ්ඩායමක රැකියාවක් ලබාදෙන බවට පොරොන්දු වෙමින් රුපියල් 3,750,000 වංචා කළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ අනුව, ආනවිලුන්දාව, නල්ලදරන්කට්ටුව සහ සෙංගල්ඔය ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් මෙම සිද්ධිය පිළිබඳ පැමිණිල්ලක් සිදු කර තිබේ.

රන්මිල හිතාගන්න බැරි තරම් ඉහළට - දින දෙකකින් රු,9000ක් පන්නයි

රන්මිල හිතාගන්න බැරි තරම් ඉහළට - දින දෙකකින් රු,9000ක් පන්නයි

ඒ අනුව ජාඇල, කැපුම්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මුහුණු පොතේ දැන්වීම මඟින් එම පුද්ගලයා හදුනාගෙන, ඔහුට මුදල් ලබාදුන් බවත් පැමිණිලි කර ඇත.

කෙසේ වෙතත්, පොරොන්දු වූ ආකාරයට ඉතාලියේ සංගීත කණ්ඩායමේ රැකියාව ලබා නොදී, මුදල් ආපසු නොදී, පැමිණිලිකරුවන්ට කිසිදු ප්‍රතිචාරයක් නොලැබී ඇති බව පැමිණිලි කරුවන් පවසයි.

දෙමව්පියන්ට වෛද්‍යවරුන්ගෙන් දැනුම්දීමක් - අනිවාර්යෙන් පිළිපදින්න

දෙමව්පියන්ට වෛද්‍යවරුන්ගෙන් දැනුම්දීමක් - අනිවාර්යෙන් පිළිපදින්න