හිටපු ජනපති මෛත්‍රිගේ පෙත්සමකට දුන් තීන්දුව
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය පසුවට කල් දැමීය.
මෙම පෙත්සම, පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සිරිල් ගාමිණී පියතුමා සහ එම ප්‍රහාරයෙන් බලපෑමට ලක් වූ පුද්ගලයෙකු විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති පුද්ගලික පැමිණිල්ල බල රහිත කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබේ.
මෙම පෙත්සම් විභාගය පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සිදුකර තිබේ.
එහි විභාගය අද දින (27) අවසන් වුවත් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම විනිසුරු මඩුල්ල විසින් පසුවට කල් දමන ලදි.