සෞදිය ඇවිලෙයි - මේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම නවත්වයි - මඟීන්ට දැනුම්දීමක්
සෞදි අරාබියේ ප්‍රධාන ගුවන් තොටුපොළ කිහිපයකම කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හූති කැරලිකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන්.
එබැවින් රියාද් අගනුවර පිහිටි කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම නවත්වා ඇති බව වාර්තා වේ.
එසේම දම්මාම් ගුවන් තොටුපොළ ද වසා දමා ඇති අතර පසුගිය පැය 2ක කාලය තුළ කිසිදු ගුවන් යානයක් ගමනාගමනයේ යෙදී නොමැති බවත් ඉකුත් පැය 4 තුළ ගොඩබස්වා ඇත්තේ ගුවන් යානා 3ක් පමණක් බවත් සඳහන්.
තවද ජෙඩා ගුවන් තොටුපොළේ ද ගුවන් ගමන් සඳහා දැඩි බාධා එල්ල වී තිබෙන අතර, නියමිත ගුවන් ගමන්වලින් ගුවන් ගමන් 156ක් (20%) අවලංගු කර ඇති බව සඳහන්.
එමෙන්ම තවත් ගුවන් ගමන් 374ක් (49%) ප්‍රමාද වී ඇති බවද වාර්තා වේ.
එබැවින් සෞදි අරාබිය වෙත ගමන් කිරීමට අපේක්ෂිත මගීන්ට තමන්ගේ ගුවන් සමාගම් හරහා ගුවන් ගමන් වාර පිළිබඳ යළි තහවුරු කරගන්නා ලෙස බලධාරීන් දැනුම් දී ඇත.