සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු රිමාන්ඩ්

Report

ලංකා සතොස සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමල්ල මහතා ජනවාරි 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අද (04) වත්තල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කළ බව අප වාර්තාකරු සඳහන් කළේය.

රාජ්‍ය දේපල අවභාවිතා කිරීමේ සිද්ධියකට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ගාල්ල ප්‍රදේශයේ හෝටලයක සැඟව සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු අත්අඩංගුවට - හේතුව මෙන්න

සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු අත්අඩංගුවට - හේතුව මෙන්න

2011 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා කාලය තුළ ලංකා සතොස ආයතනයේ ප්‍රවාහන කලමනාකාරවරයා ලෙස කටයුතු කර ඇති අදාළ සැකකරු 2012 වර්ෂයේදී අදාල ආයතනය සතු ලොරි රථයක් පෞද්ගලික ආයතනයක පරිහරණයට ලබාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අදාළ ලොරි රථය අමාත්‍යංශයේ රාජකාරි සඳහා යොදවන බවට සටහන් තබමින් සැකකරු විසින් පෞද්ගලික ආයතනයකට ලබා දී ඇති අතර එහි සේවකයින්ට රජයෙන් වැටුප් ගෙවා ඇති බව ද පොලීසිය සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

6 ශ්‍රේණියේ සමලිංගික අධ්‍යාපනය ගැන රජය කට අරී - විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්

6 ශ්‍රේණියේ සමලිංගික අධ්‍යාපනය ගැන රජය කට අරී - විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත් අතර ඔහු ලබන 09වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

මේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුතු ද අත්අඩංගුවට ගැනීමට නියමිත අතර ඔවුන් දෙදෙනා මේ වන විට සැඟව සිටින බව පොලිසිය සඳහන් කළේය.

රන් මිල වෙනස් වෙයි - අද මිල ගණන් මෙන්න

රන් මිල වෙනස් වෙයි - අද මිල ගණන් මෙන්න