''මට කෙල්ලෙක් බදින්න පුළුවන් සමාජෙ මොනව කිව්වත් මට අදාළ නැහැ '' සංජානා ආයිමත් සමාජ මාධ්‍ය කළඹයි
සමාජ මාධ්‍යයේ නිරන්තරයෙක් කතා මවන චරිතයක් තමයි සංජානා ගමආරංචි කියලා කියනනේ.
ඉතිං පසුගියදා ඇයව බොහෝ කතා බහට ළක්වුනේ ඇයගේ විවාහය දෙදරා ගිය බවට සමාජ මාධ්‍යයේ පළවුන පුවතත් සමගයි .ඉතිං මේ සුරූපී දක්ෂ නිළිය සංජානා ඇත්තටම Single ද ඇයට ආදරය කරන ගොඩක් දෙනෙක්ට තිබ්බ ප්‍රශ්නයක්නේ.
ඉතිං ඇය youtube වැඩසටහනකට එක්වෙමින් හරිම අමුතු කතාවක් කරලා තිබුණා.
ඇය සදහන් කරලා තිබුණේ මෙවන් අදහසක්
''අපි කෙනෙක්ව අද තෝරගන්නවා එතකොට අපි හිතනවා මෙයා තමා මුළු ජීවිතේම වෙනස් කරන්නේ කියලා. මෙයා තමයි හැමදේම කියලා. සමහර විට විවාහයෙන් පස්සෙ ඒ දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම අපේ ෆීල්ඩ් එකේ ගත්තොත් නළු නිළියන්ගෙ ගත්තොත් wedding එකක් අරගන මිනිස්සු අතරට යන ප්‍රමාණය වැඩීනේ, හදිස්සියෙවත් ඒක DIVORCE එකකට යන්න වුණොත් කියන්නේ මෙයාට පවුල් ජීවිතයක් ගත කරන්න බැහැ.
මෙයා නිළියක් මෙයාට පවුල් ජීවිතයක් ගත කරන්න බැහැ. ඒත් එහෙම නොවෙන්න පුළුවන් නිළිය හොදට ඉදලා සැමියා හොදට ඉන්නේ නැතිවෙන්න පුළුවන් ,මිනිස්සු දකින්නේ කාන්තාවන්ගේ වැරදි විතරයි.
සමහරු සමාජෙට පේන්න කසාද බැදලා කෙල්ලන්ගේ ජීවිතේ විනාශ කරනව, මම කෙල්ලෙකුට ආසයිනම් මම ලෙස්බියන් කියලා කියන්න පුළුවන් .මම කවදක හරි පිරිමි එපා වුණොත් ගැහැණු කෙනෙක් බදින්න පුළුවන්. සමාජෙ මොනව කිව්වත් මට අදාළ නැහැ . ''
යනුවෙන් ඇය සදහන් කරලා තිබුණා.
කොහොම වුණත් ඇය සදහන් කළේ විවාහය ගැන නිසි වෙලාවට පිළිතුරු ලබා දෙන බවයි.