ගෝඨා - මහින්ද ඇතුළු සිව්දෙනෙකුට කැනඩාව පැන වූ සම්බාධක.

Report

ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුට කැනඩාව විසින් සම්බාධක පනවා තිබෙනවා.

එම සිව්දෙනා අතරට මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක සහ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ද ඇතුළත්.

කැනඩාවේ විශේෂ ආර්ථික ක්‍රියාමාර්ග (ශ්‍රී ලංකා) රෙගුලාසි සංශෝධනය කරමින් එලෙස සම්බාධක පනවා තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ, වර්ෂ 1983 සිට 2009 වසර දක්වා ශ්‍රී ලංකාවේ පැවති සන්නද්ධ ගැටුම්වලදී මානව හිමිකම් උල්ලංඝණය කිරීමයි.

මොනවද ඒ සම්බාධක?

?කැනඩාවේ ඔවුන් සතුව තිබිය හැකි ඕනෑම වත්කමක් තහනම් කෙරෙන අතර ආගමන හා සරණාගත ආරක්ෂණ පනත යටතේ කැනඩාවට විසින් ඔවුන් පිළිගන්නේ නැත.

?තව ද කැනඩාවේ සිටින ඕනෑ ම පුද්ගලයෙකුට සහ කැනඩාවෙන් පිටත ඕනෑ ම කැනේඩියානුවෙකුට ලැයිස්තුගත පුද්ගලයෙකු ඍජුව හෝ වක්‍රව – අයිති – හෝ රඳවා ගෙන සිටින හෝ පාලනය කරනු ලබන ඕනෑම දේපළක ගනුදෙනු කිරීම තහනම් කර ඇත.

?එමෙන්ම, අදාළ ඕනෑම ගනුදෙනුවකට සම්බන්ධ වීම හෝ පහසුකම් සැලසීම, කිසියම් මූල්‍ය හෝ අදාළ සේවා සැපයීම ද තහනම්.

?ඔවුන් වෙනුවෙන් ක්‍රියා කරන තැනැත්තෙකුට ඕනෑම තැනක පිහිටි ඕනෑම භාණ්ඩයක් ලබා දීමට සැලැස්වීම හෝ ඔවුන්ට ප්‍රයෝජනය සඳහා කිසියම් මූල්‍ය හෝ අදාළ සේවා සැපයීමද තහනම්.

?කැනඩා විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලි සඳහන් කර ඇත්තේ, පසුගිය දශක හතර තුළ, සන්නද්ධ ගැටුම්, ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය සහ මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝණය කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්ව ඇති බවයි.

?ඒ අනුව, ජන. 6 වන දින සිට එම විශේෂ ආර්ථික ක්‍රියාමාර්ග (ශ්‍රී ලංකා) රෙගුලාසි බලාත්මක කර ඇත.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW