ජනාධිපති සනාගේ ගෙදරින් කෑවද නැද්ද කියලා නම් දන්නේ නෑ හැබැයි සනා ප්‍රබල මාලිමාවෙක් කියලා මම දන්නවා - චානක

Report

මෑතකදී අත්අඩංගුවට ගන්නා ලද පුවක්දණ්ඩාවේ සනා නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා ජාතික ජන බලවේගයේ ප්‍රබල ආධාරකරුවෙක් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා ප්‍රකාශ කරයි.

එසේම ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයා ඔහුගේ නිවසෙන් ආහාර ගත්තේ යනුවෙන් විමල් වීරවංශ මහතා කියන කාරණා සත්‍ය අසත්‍යතාවය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවයි.

එසේ වුවත් පුවක්දණ්ඩාවේ සනා ජාතික ජන බලවේග ප්‍රබල ආධාරකරුවෙක් ක්‍රියාකරුවෙක් බව එම ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙක් ලෙස තමනට සනාථ කළ හැකි සාක්ෂි ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

අවුරුද්දක් හොයලා දැන් සෙව්වන්දිගේ ඩමියත් මතුවෙලා - නාමල් රාජපක්ෂ සෙව්වන්දි ගැන කියයි

අවුරුද්දක් හොයලා දැන් සෙව්වන්දිගේ ඩමියත් මතුවෙලා - නාමල් රාජපක්ෂ සෙව්වන්දි ගැන කියයි

එසේම ඔහු වැඩිදුරටත් කියා සිටියේ එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලද පුවක්දණ්ඩාවේ සනා එදිනම රක්ෂිත බන්ධනාගාරගත කරන ලද බව කියා සිටි ඔහු මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලද වෙනත් පුද්ගලයන් රැඳවුම් නියෝග ලබාගෙන දීර්ඝව ප්‍රශ්න කරමින් සිටින බවද පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම අදහස් දක්වා සිටියේ රූපවාහිනී නාලිකාවක පැවැති සාකච්ඡාවකට එක් වෙමින්.

මාලිමාවට රට ගොඩනගන්න ඉෂාරාගේ මොළේ තිබ්බ නම් ලොකු උදව්වක්ලු - ටීබී

මාලිමාවට රට ගොඩනගන්න ඉෂාරාගේ මොළේ තිබ්බ නම් ලොකු උදව්වක්ලු - ටීබී

තංගල්ලෙන් මතු වුණ මත්ද්‍රව්‍යවල අයිතිය පාතාල ලොක්කෙක්ට - පැටිකිරිය එළියට

තංගල්ලෙන් මතු වුණ මත්ද්‍රව්‍යවල අයිතිය පාතාල ලොක්කෙක්ට - පැටිකිරිය එළියට