වෙඩි පහරින් මියගිය වැලිගම ලසන්තගේ හිස් වූ පුටුවේ සමීර වාඩි වෙයි
වැලිගම ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ සභික ධුරය සඳහා සමීර ධනුෂ්ක ද සිල්වා මහතාගේ නම ගැසට් කර තිබේ.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසිංහ මහතාව පසුගියදා වෙඩිතබා ඝාතනය කර තිබුණි.
පසුගියදා සිය නිල කාමරය තුළදීම දරුණු වැඩි ප්‍රහාරයකට ලක් වී වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසිංහ මහතා ඝාතනයට ලක් විය.
මේ වන විට මෙම අපරාධය මෙහෙය වූ කණ්ඩායම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන අතර මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.