ලෝක වෙළඳ සංවිධානයේ ගෙවුම් ශේෂ කමිටුවේ නව සභාපති ලෙස සමන්ත විජේසේකර මහතා පත් කරයි

Report

ලෝක වෙළඳ සංවිධානයේ (WTO) ගෙවුම් ශේෂ කමිටුවේ නව සභාපති ලෙස සමන්ත විජේසේකර මහතා පත් කර තිබේ .

විජේසේකර මහතා ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ වසර 25 කට ආසන්න පළපුරුද්දක් ඇති අයෙක් වන අතර මීට පෙර ජපානය, එක්සත් රාජධානිය සහ චෙන්නායි හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සේවය කර ඇති බව වාර්තා වෙයි .

මෙම පත්වීම ජාත්‍යන්තර වෙළඳාම සහ බහුපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවට ලැබුණු සැලකිය යුතු පිළිගැනීමක් ලෙස සැලකිය හැකියි