සමන්ත රණසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි
සමන්ත රණසිංහ මහතා අද (08) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය.
අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීර මහතාගෙන් හිස් වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමන්ත රණසිංහ මහතා මෙලෙස පත් කරන ලදී.
2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී සමන්ත රණසිංහ මහතා ජාතික ජන බලවේගයේ රඹුක්කන ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළේය.