එතකොට සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව කෝ?. ඇතුළින් කීව දෙය මෙන්න..
සමගි ජන බලවේගය යටතේ ජාතික ලැයිස්තුවෙන් එන මන්ත්‍රී ආසන 05 පිළිබඳ ව මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නොමැත.
ඒ බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ ය.
අද (17) පක්ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහලේකම්වරයා මේ බව කියා සිටියේ ය.
එහිදී මාධ්‍යවේදීන් හිටපු මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියේ ඔහු ජාතික ලැයිස්තුවෙන් පැමිණීමට අපේක්ෂා කරන්නේ ද යන වගයි.
ඒ අනුව සමගි ජන බලවේගය පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ මෙවැන්නකී,
”ඉතිං මහලේකම් විදියට අත්සන් කරන්නෙත් මං නේ..” යනුවෙන් ය.
මේ අතර තම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ සාමාජිකයින් ලබාගත් ආසන 40 ශක්තිමත් විපක්ෂයක භූමිකාව ඒ අයුරින් ම ඉටුකිරීමට සූදානමින් සිටින බව ද රංජිත් මද්දුම බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.