ඔන්න ඕකයි ප්‍රශ්නේ..දුරකථනේ ඇතුලෙත් ලැයිස්තුවට පොරේ..

Report

සමගි ජන බලවේගයට හිමි වී තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර පහ සඳහා අපේක්ෂකයන් පත් කිරීම සම්බන්ධයෙන් ද දැඩි ගැටලු සහගත තත්ත්වයක් උද්ගතව තිබේ.

එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පක්ෂයේ සභාපති ඉමිටියාස් බාකීර් මාකාර්, ඩලස් අලහප්පෙරුම, ඉරාන් වික්‍රමරත්න සහ මහාචාර්ය චරිත හේරත් එම මන්ත්‍රි ධුරවලට පත් කිරීමට තීරණය කර තිබුණ ද සමගි ජන සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන දෙමළ ප්‍රගතිශීලී සන්ධානය වෙනුවෙන් මන්ත්‍රි ධුරයක් වෙන් විය යුතු බවට එහි නායක මනෝ ගනේෂන් ඉල්ලා සිටීම මෙම ගැටලු සහගත තත්ත්වයට හේතු වී ඇත.

හදිසියේම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකුගේ නිවස ඉදිරිපිටට දැඩි පොලිස් ආරක්ෂාවක්...(VIDEO)

හදිසියේම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකුගේ නිවස ඉදිරිපිටට දැඩි පොලිස් ආරක්ෂාවක්...(VIDEO)

හවුල්කාර පක්ෂයකට අවස්ථාවක් ලබා දෙන්නේ නම් පක්ෂයේ ජාතික සංවිධායක වන තිස්ස අත්තනායකට ද අවස්ථාව හිමි විය යුතු බව පක්ෂයේ ඇතැම් පිරිස්වල මතය වී තිබේ.

එමෙන් ම පක්ෂයෙන් මහ ලේකම් සහ සභාපති යන තනතුරු දරන දෙදෙනාටම අවස්ථාව ලබා දීම අනවශ්‍යය යන්න තවත් පිරිසකගේ අදහස වී තිබෙන බවත් දේශපාලන ආරංචි මාර්ග කීවේය.

ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව පැවැත්වෙන දකුණු අප්‍රිකා ටෙස්ට් තරග සංචාරයේ ශ්‍රී ලංකා සංචිතය ..

ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව පැවැත්වෙන දකුණු අප්‍රිකා ටෙස්ට් තරග සංචාරයේ ශ්‍රී ලංකා සංචිතය ..

පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම අනිද්දා (21 වැනිදා ) පැවැත්වෙන හෙයින් ජාතික ලැයිස්තුවෙන් පත්වන අපේක්ෂකයන් සම්බන්ධයෙන් ඒ ඒ පක්ෂ මැතිවරණ කොමිෂන් සභාවට 20 වැනිදා දැනුම් දිය යුතුය.

එසේ නොවුවහොත් එම අපේක්ෂකයන්ට එදින දිවුරුම් දීමට නොහැකි වනු ඇත.

You may like this video