අද කොළඹ කරන්න හදන දේ මෙන්න. කලින්ම දැනුම්දීමක්..

Report

ආණ්ඩුවට එරෙහි සමගි ජන බලවේගය සංවිධානය කරන විරෝධතාවක් කොළඹදී අද (30 ) පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා.

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, ආර්ථික පීඩනය අඩු කර ජනතාවට නිදහසේ ජීවත් වීමට ඉඩ සලසා දෙන්නැයි රජයට බල කරමින් මෙම විරෝධතාවය පවත්වන බවයි.

ඒ සඳහා සමගි ජන බලවේගය නායකත්වය ගෙන කටයුතු කරන අතර රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස නැතිව යන මොහොතක ඒ වෙනුවෙන් සටන් කිරීමට සමගි ජන බලවේගය සූදානම් බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

Sponsored By Sarrita Jewellery

අද කොළඹ කරන්න හදන දේ මෙන්න. කලින්ම දැනුම්දීමක්.. | Samagi Jana Balance Wegaya