අලෙවිය සුපිරියටම යයි... එක අයෙකුට කෝටි 2යි...මාලිමාවත් ලේසි නැහැ

Report

ආණ්ඩුවට බහුතරයක් නොමැති පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරුන් සඳහා මේ වන විට රුපියල් ලක්ෂ 25 බැගින් ලංසු නියම වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

අද ගොඩක් ලග්න වලට සුබයි...අලුත් මුදල් මාර්ග පෑදේ…

අද ගොඩක් ලග්න වලට සුබයි...අලුත් මුදල් මාර්ග පෑදේ…

එම මන්ත්‍රීවරුන් තමන් මුදලට විකිණෙන්නට සූදානම් නොමැති බව අදාළ පාර්ශ්ව වෙත දැනුම් දී ඇති බව ද මන්ත්‍රීවරයා පැවසීය.

එසේම කොළඹ මහ නගර සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකුට රුපියල් කෝටි දෙකක් දක්වා ලංසු තබා ඇතැයි ද හෙතෙම චෝදනා කරයි.

මෙතෙක් හොරු යැයි කී පිරිස් සුද්ද කරමින් හෝදමින් තමන්ගේ පාර්ශ්වය වෙත ලබා ගැනීමට සැරසෙන බව ද පසුගිය ආණ්ඩු ද සිය බලය අහිමි වන විට කෙසේ හෝ බලය රැකගැනීම උදෙසා මෙලෙස හැසිරුණු බවත් දයාසිරි ජයසේකර සඳහන් කරයි.

පාර්ලිමේන්තුව අමතමින් දයාසිරි ජයසේකර මහතා මේ බව කීයා සිටියේය.