රක්ෂණයකුත් සමඟ ගුරවරු ඇතුළු රාජ්‍ය සේවක වැටුප් විෂමතාවය ඉවත් වෙයි. - වෘත්තීය 10ක් ප්‍රකාශයට පත් කර අවසන්.

A D Susil Premajayantha Government Employee Teachers
By Wayomi Sep 02, 2024 11:52 AM GMT
Wayomi

Wayomi

Report

රාජ්‍ය සේවක වැටුප් විෂමතාවය ඉවත් කිරීමට රනිල් හැර කිසිදු ජනාධිපති අපේක්ෂකයකුට අදහසක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඒ, අනුව බදු ස්ථර අතර පරතරය පුළුල් කරමින්, බදු ප්‍රතිශතය සංශෝධනය කිරීමට අදාල තීන්දුව දින කිහිපයකින් ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.

ඔහු මේ බව කියා සිටියේ, කොළඹ පැවැති ‟පුළුවන් ශ්‍රී ලංකා" මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී ඔහු අවධාරණය කර සිටියේ, කාර්මික සාමයක් නැති රටක් සංවර්ධනය කරා ගෙනියන්නට නොහැකි බවයි.

මෙහිදී රාජ්‍ය සේවක වැටුප් විෂමතාසම්බන්ධයෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery