පොලිස් නිලධාරීන්ගේ පඩි වැඩිවේ මෙන්න විස්තරේ

Report

සබරගමුව පළාතේ සිටින පොලිස් නිලධාරීන්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ බෙදා දීමේ වැඩපිළිවෙළක් අද දින රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පාස්කු ප්‍රහාරය නොවැලක්වූ නිසා මරණ දඬුවම? කතෝලික සභාව සැර වෙයි

පාස්කු ප්‍රහාරය නොවැලක්වූ නිසා මරණ දඬුවම? කතෝලික සභාව සැර වෙයි

එහිදී පොලිස් සේවයේ නියුතු පුද්ගලයන්ගේ දරුද්ද දැරියන් රැසක් සහභාගී වී සිටි අතර සංකේතාත්මකව දරුවන් 34 දෙනෙකුට මෙහිදී පාසල් උපකරණ බෙදා දුන්නා.

රඹුටන් නිසා පැතිරෙන මාරාන්තික ලෙඩක් මෙන්න

රඹුටන් නිසා පැතිරෙන මාරාන්තික ලෙඩක් මෙන්න

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේ පොලිස් සේවය ඉතා දුෂ්කර රාජකාරියක් වන බවත් එම හේතුවෙන් පොලිස් නිලධාරීන්ගේ මාසික වැටුප ලබන වසරේ සිට වැඩි කිරීමට පියවර ගන්නා බව‍යි. ඒ විධිමත් වැඩපිළිවෙළක් යටතේ ලබන වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිත බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

අනතුරුව කුරුවිට පොලිස් ස්ථානයේ පිහිටි සබරගමුව පළාත් අපරාධ කොට්ඨාසය විවෘත කිරීම වැඩබලන පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ඕපනායක පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශ ගොඩනැගිල්ල වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විවෘත කළා. ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ