වැටුප නොලැබෙන්නේ නම් වහාම දැනුම් දෙන්න..විශේෂ දැනුම්දීමක්..

Report

පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වී සිටින රාජ්‍ය සේවකයින්ට සිය මූලික වැටුප නොලැබෙන්නේ නම්, ඒ පිළිබඳව සිය අමාත්‍යංශය දැනුවත් කරන්නැයි පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශය දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

කැබිනට් අනුමැතිය පරිදි මේ වන විට මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින්ට මූලික වැටුප් ගෙවීමට පියවර ගෙන ඇතත්, නිසි පරිදි වැටුප් නොලැබෙන බවට තොරතුරු ලැබී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කියා සිටියේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ,වැටුප් නොලැබීම සම්බන්ද පැමිණිලි පිළිබඳව සොයා බැලීමට වහා කටයුතු කරන බවයි.

මේ අනුව මෙලෙස වැටුප් නොලැබීමක් සිදු වන්නේ නම් වහාම අදාල අංශයන් වෙත දැනුම් දීමට කටයුතු කරන්න.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now