ඇමරිකා තානාපතිනිය විපක්ෂ නායක හමුවෙයි

Report

කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජුලි චන්ග් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර අද (19) හමුවක් සිදුවිය. 

මේ මොහොතේ මෙරට තුළ පවත්නා අර්බුදය පිළිබඳව ද එහිදී සාකච්ඡාවට ලක්වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එම සාකච්ඡාවේදී අමෙරිකානු තානාපතිනිය පවසා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කොට මානව හිමිකම් සුරක්ෂිත දේශයක් වෙනුවෙන් අමෙරිකාවේ සහාය හිමිවන බවය.

තවද දෙපාර්ශ්වයටම වැදගත් වන කරුණු රැසක් පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව වාර්තා විය.

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

You may like this video-:

මහජනතාව දැනුවත්කරමින් පුරවැසියෝ සංවිධානයෙන් ප්‍රකාශයක්

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now