දේශපාලන ලොව උඩු යටිකුරු කරමින් සජිත් හා තවත් කාන්තාවක් එක්වෙයි..
මීට සුළු වේලාවකට පෙර රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය, සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරණ රැලියක වේදිකාවට එක්වුණි.
මේ වනවිට මහනුවර පැවැත්වෙන සමගි ජන බලවේගයේ ජන රැලියට ඇය එලෙස ගොඩ වූ අතර මෙවර ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දරමින් පාර්ලිමේන්තු පැමිණි ගීතා කුමාරසිංහ මහත්මිය මේ වනවිට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් සිටී.